ගොවිසවිය සඟරාව

ඔබේ දහදියෙන් සරුසාර වූ කෙත් බිමට, අපෙන් නවමු තාක්ෂණය

How to Prevent Rabies

ඕකිඞ් හෙවත් උඩවැඩියා යනු ඕකිඬේසියේ (Orchidaceae) ශාක කුලයට අයත් ඒකබීජ පතී‍්‍ර බහුවාර්ෂික පැළෑටි කාණ්ඩයකි. මෙම කුලයට අයත් උඩවැඩියා විශේෂ 20,000 ඉක්මවෙන අතර දෙමුහුම් කර වැඩිදියුණු කළ උඩවැඩියා විශාල ප‍්‍රමාණයක් පවති. එම නිසා මෙම මල් වැඩි විවිධත්වයකින් යුක්තවන අතර විවිධ වර්ෂයෙන් පුළුල් පරාසයක විහිදි පවති. මෙම මල් වැඩි වශයෙන් ජනප‍්‍රිය වීමට හේතුව වී ඇත්තේ ද එයයි.

මෙම ශාක විවිධ පරිසර වල වැඩෙන අතර ශාකයේ පැවැත්ම සඳහා නිශ්චිත වූ පරිසර සාධක අවශ්‍ය වේ. මෙම ශාක වැඩෙන ස්ථාන අනුව කොටස් 2 කි.

  1. භෞමික ඕකිඩි -Terrestrial Orchids
  2. අපිශාක ඕකිඩි -Epiphytic Orchids

භෞමික ඕකිඞ්

ශාක අවට තෙතමනය ඇති ස්ථානවල, දිරූ කොළ පෙහොර සහිත ජලය බැසයන කාබනික පස මත වැඩෙයි. මෙම ශාකවල හටගන්නා මල් සඳහා කැපූ මලක් ලෙස වටිනාකමක් නොමැත.

අපිශාක ඕකිඞ්

තෙතමනය අධික ස්ථානවල ඇති ගස්වල අතු මත වැඩෙයි. ශාකයට අවශ්‍ය ජලය හා පෝෂණය වාතාශ‍්‍රයේ ඇති ජල වාෂ්ප හා වර්ෂා ජලයේ ඇති ඛණිජ ලවණ මඟින් ලබා ගනී. නිවර්තන කලාපීය රටවල බහුල වශයෙන් දක්නට ලැබෙන අතර කැපුම් මල් සඳහා වැඩි වශයෙන් භාවිතා කරයි.

මෙම ශාක සියල්ලේ වර්ධන විලාසය අනුව ආකාර දෙකකි.

  1. ඒකපාදී වර්ධන විලාසය
    ශාකයේ වර්ධන අග‍්‍රය කදෙහි ඉහළින් පිහිටමින් සිරස්ව වර්ධනය වේ. මෙම ශාක තනි අංකුරයකින් සමන්විත වේ
    උදා -Vanda" Arachnis
  2. බහුපාදී වර්ධන විලාසය
    ශාකයේ වර්ධන අගය කදෙහි පහළින් පිහිටමින් තිරස්ව වර්ධනය වේ.මෙය අංකුර (ව්‍යාජ බල්බ) කිහිපයකින් සමන්විත වන අතර කද ‍රෛයිසෝමයකි උදා - Dendrobram, Catteya, Oncidium

 

ශ්‍රී ලංකාවේ කැපූ මල් වගාවන් සඳහා සුදුසු උඩවැඩියා

ඩෙන්ඩ්‍රෝබියම් (Dendrobium)

ශි‍්‍ර ලංකාවේ කැපූ මල් ලෙස උඩවැඩියා වගා කිරීමේ දී ආර්ථික ලෙස වඩාත් වාසිදායක වනුයේ ඩෙන්ඩ්‍රෝබියම් වේ. මේවා බහුපාදි වර්ධන විලාසයකින් යුතු අපිශාක වේ. දිගු ව්‍යාජ බල්බ සහිතය. ඒවා රෛයිසෝම මත එකිනෙකට ලඟින් ඇහිරි ඇත. එම මල් කැපුම් මල් ලෙස වඩා වැදගත් වනුයේ එහි වේගවත් වර්ධනයක් විවිධ වර්ණවලින් යුතු දිගු පුෂ්ප මංජිරි පැවැතීමත් දිගු කල් පවත්වා ගැනීමේ හැකියාවත් නිසාය.
ඩෙන්ඩ්‍රෝබියම් මලෙහි හැඩය හා රෝපණ ක‍්‍රියා පදනම් කරගෙන ප‍්‍රධාන ආකාර තුනකට වර්ග කරයි.

12 orchid 04
1. පැලනොප්සිස් දර්ශය (Phalaenopsis type)

මෙම දර්ශයේ මල් විශාලය. රවුම්ය. දළ පත‍්‍ර හා මනි පත‍්‍ර එකිනෙක මත අතිපිහිතවී මල් සළඹයෙකුගේ හැඩය ගනී. හොඳ කල් පැවැත්මක් සහිත ආකර්ෂණීය පෙනුමෙන් යුක්ත වන නිසා මෙයි කැපුම් මල් සඳහා සුදුසුය.

12 orchid 04
2. කේන් දර්ශය (Cane Type)

කේන් දර්ශය මල්වල දළ පත‍්‍ර හා මනි පත‍්‍ර ඇඹරීම නිසා මකුලුවකුගේ ස්වරූපයක් ගනී. දිගු මල් කිනිති දරයි. කැපුම් මල් සඳහා එතරම් සුදුසු නොවේ.

12 orchid 04
3. අතරමැදි දර්ශය (Intermediate Type)

පැලනොප්සිස් හා කේන් ආකාර දෙමුහුමෙන් ලබා ගන්නා අතර ඒ ආකාර දෙක අතර අතරමැදි ලක්ෂණ පෙන්වයි. කැපුම් මල් සඳහා වඩාත් සුදුසු වේ.

 

1. වැන්ඩා (Vanda)

අඛණ්ඩ වර්ධනයක් සහිත ඒකපාදී වර්ධන විලාසයෙන් යුත් ඕකිඩ් ගණයකි අපිශාක වේ. පත්‍රවල හැඩය අනුව ප්‍රධාන ආකාර 3කට වර්ග කරයි.

12 orchid 04
1. පටි ආකාර පත්‍ර සහිත වැන්ඩා (Strap Leaved Vanda)

පත්‍ර පටි ආකාරයක් ගනී. විශාල අලංකාර මල් සහිත වන අතර,මල්වල රටාවන් දැකිය හැක. ඒවායේ කල් පැවැත්ම වැඩිය.වාර්ෂිකව හටගන්නා මල් ප්‍රමාණය අඩු බැවින් බඳුන්ගත පැළෑටියක් සඳහා සුදුසුයි.කැපුම් මල් සඳහා යෝග්‍ය වේ.

12 orchid 04
2. නලාකාර වැන්ඩා (Terete Leaved Vanda)

පත්‍ර නලාකාර මාංසලමය වේ. පූර්ණ සූර්යාලෝකය යටතේ වැඩෙයි.කැපුම් මල් ලෙස එතරම් ජනප්‍රිය නොවේ.

12 orchid 04
3. අර්ධ නලාකාරවැන්ඩා : (Semi Terete Vanda)

පටි ආකාර වැන්ඩා හා නලාකාර වැන්ඩා දෙමුහුමෙන් ලබාගෙන ඇත. ඉහත ආකාර දෙක අතරමැදි ලක්ෂණ පෙන්වයි. පීලි හැඩති නැමුණq පත‍්‍ර දක්නට ලැබේ. පූර්ණ සූර්යාලෝකයට හුරුකර එළිමහනේ වගාකළ හැක. මල්වල කල්පැවැත්ම වැඩිය. කැපුම් මල් සහ බදුන්ගත පැළ සඳහා යෝග්‍ය වේ.

12 orchid 04
4. කැටලියා

බහුපාදී වර්ධන විලාසයක් සහිත අපිශාකයකි. සෙමින් ව‍ෙඩේ. විවිධ වර්ණයන්ගෙන් යුත් ඉතා ආකර්ෂණීය විශාල මල් හටගනි. මල් කිනිත්තක ඇති මල් ප‍්‍රමාණය හා වාර්ෂිකව හටගන්නා මල් කිනිති ප‍්‍රමාණය අඩුවේ. වැඩි වටිනාකමකින් යුත් බදුන්ගත පැළෑටියක් ලෙස යෝග්‍ය වේ.

 

2.ඔන්සිඩියම් (Oncidum)

බහුපාදී වර්ධන විලාසයන් දරණ අතර හෞමික හා අපිශාක යන ආකාර දෙකම දක්නට ලැබේ. මල්වල ඇති විශේෂත්වය නම් ඒවා නැට්ටුවෙකුගේ හැඩය ගැනීමයි. කැපුම්මල් සඳහා හා බඳුන්ගත පැල සඳහා යොදා ගනී.

 

3.පැලනොප්සිස්: (Phalaenopsis)

ඒකපාදි වර්ධන විලාසයෙන් යුත් අපි ශාකයෙකි. කෙටි කදක් හා මංසල පත‍්‍ර දක්නට ලැබේ. මල් සලඹයෙකුගේ හැඩය ගන්නා අතර කල් පැවැත්ම වැඩිය. බඳුන්ගත පැළෑටි සඳහා හා කැපුම් මල් සඳහා යොදා ගනී.

 

උඩවැඩියා වගාව සඳහා අවශ්‍ය දේශගුණික සාධක

  1. උෂ්ණත්වය - දිවා කාලයේ උණ්ණත්වය 25C0- 30C0 අතර පැවැතිය යුතු අතර රාත‍්‍රී කාලයේ උෂ්ණත්වය 15C0 ට වඩා අඩු නොවිය යුතුය.
  2. ආර්ද්‍රතාවය - මෙයින් අදහස් කරනුයේ වායුගෝලයේ තිබිය යුතු ජල වාෂ්ප ප‍්‍රමාණයයි. මෙය 70% -75% අතර තිබිය යුතුය.
  3. සූර්යාලෝකය - උඩවැඩියා ශාක සඳහා උදෑසන සූර්යාලෝකය වැදගත් වේ. දවස පුරාම ඒකාකාරි සුර්යාලාaකයක් ලැබෙන ස්ථානයක තවාන් සැකසීම සදහා තෝරා ගත යුතුය. උඩවැඩියා ශාක ගණය අනුව ලබාදිය යුතු ආලෝක ප‍්‍රතිශතය වෙනස් වේ.
    ශාක ගණය ලබාදිය යුතු ආලෝක ප‍්‍රතිශතය
    ඩෙන්ඩ්‍රෝබියම්  50-60%
    වැන්ඩා 50-60%
    ඔන්සීඩියම් 50-60%
    කැටලියා 50%
    පැනෝප්සිස් 40%
     

 

උඩවැඩියා වගාව සඳහා සෙවන ගෘහයක් සකස් කිරීම

වගාව සඳහා සුදුසු ස්ථානයක් තෝරාගෙන පසුව එහි සෙවණ ශාකයක් සකස් කළ හැක. මේ සඳහා උඩවැඩියා ගණයට අවශ්‍ය පරිදි සෙවණ දැල් තෝරා ගත යුතුය. සෙවණ ගෘහය සෑදීම සඳහා GI බට හෝ එල් අයන් යකඩ කනු හෝ කෝන්ක‍්‍රීට් කනු භාවිතා කළ හැක. සෙවණ දැල් රැදවීම පොළොව මට්ටමේ සිට අඩි 10- 12 උසකින් තිරස්ව සිදු කළ යුතුය.

පැල රැදවීමට මේස සකස් කිරීම

පැල රැදවීම සඳහා පොලව මට්ටමේ සිට අඩි 2 .5 උසින් යුත් මේස සකස් කර ගත යුතුය. ඒවා ජලය බැසයන ආකාරයට සකස් කළ යුතු අතර, මේ සඳහා කොන්ක‍්‍රීට් පටි හෝ යකඩ කනු කම්බි දැල් භාවිතා කළ හැක. මේසයේ පළල අඩි 4 .5 - 5 වන ලෙස සකස් කළ යුතුය. අවශ්‍ය ප‍්‍රමාණයට දිග සකස් කරගත හැක.

පැළ බදුන්ගත කිරීම

මේ සඳහා දැව අගුරු යොදා ගනී. අඟුරු නිෂ්පාදනයේ දී තරමක් මේරූ දැව වර්ග යොදා ගැනීම සුදුසු වේ. මෙයට අමතරව අඟුරු සමඟ උළු කැබලි හෝ හොදින් පොල් ලෙලි කැබලි 1 : 1 අනුපාතයට මිශ‍්‍ර කර භාවිතා කළ හැක.
උඩවැඩියා ශාක සඳහා සෙවණ දැලට අමතරව UV ප‍්‍රතිකාර කරන ලද පොලිතින් හෝ වීදුරු වහලක් යටතේ වගා කරන්නේ නම් පහත සඳහන් මාධ්‍ය භාවිතා කළ හැක
මාධ්‍ය 2 අඟුරු 1 චිප්ස් ගල් කැබලි 1 කොහුබත්1( 2.5mm) (සෙ.මි. 1 ගණකම) ඉහත මාධ්‍යයට, සෙමින් මාධ්‍යයට එකතු වන කැට පොහොරක් එකතු කළ හැක.බඳුන් ලෙසමැටි සිමෙන්ති බදුන් හෝ ප්ලාස්ටික් බදුන් භාවිතා කළ හැක. මෙම බදුන්වල පාර්ශ්වික වශයෙන් සිදුරු පවතින ආකාරයට සකස් කළ යුතු අතර ඒවා මඟින් ශාකවල මූල පද්ධතියට වාතාශ‍්‍රය ලැබීම සිදුවේ.
තාවාන් ආරම්භ කිරීත්‍ම් දී පැළ 25 ක් පමණ අඩංගු වන සාමුහික බදුන් යොදා ගැනීම ලාභදායකය. සාමුහික බදුනක ඇති පැල අඟල් 2 - 3 ක් අතර ප‍්‍රමාණයට වැඩුණු පසු බදුනෙන් පැළ ඉවත් කර අඟල් 2 විශ්කම්භයක් ඇති අඟල් 2 පමණ උස වූ බදුණක රෝපණය කළ යුතුය. එම බදුනේ පැළයක් අඟල් 6 ක් පමණ උසට වැඩුණු පසු අඟල් 5 ක් පමණ විශ්කම්භයක් ඇති අඟල් 5 ක් පමණ උස් වූ බදුනක එම පැළ රෝපණය කළ යුතුය. මල් එන අවස්ථාව දක්වාම අඟල් 5 බදුන තුළ පැළ වර්ධනය වීමට සැලැස්විය යුතුයි.

ජලය යෙදීම.

උඩවැඩියා ශාකවලට ක්ලෝරින් සහිත ජලය භාවිතා කිරීම සුදුසු නොවේ. වැසි ජලය ළිං ජලය හා වෙනත් වාරි මාර්ගයකින් ලබා ගන්නා පිරිසිදු ජලය භාවිතා කිරීම යෝග්‍ය වේ. ක්ලෝරින් සහිත ජලය භාවිතා කරන්නේ නම් පැ. 24 ක කාලයක් විවෘතව ටැංකියක රදවා තබා පසුව යෙදිය හැක.
උඩවැඩියා වගාව සඳහා ජලය යෙදීමේ දී බදුන් වියළි තත්ත්වයෙන් පවති නම් පමණක් ජලය යෙදීම කළ යුතුය. වැසි සහිත කාලගුණික තත්ත්ව වලදී උඩවැඩියා සඳහා ජලය යෙදීම අවශ්‍ය නොවේ. සාමාන්‍ය කාලගුණික තත්ත්ව යටතේ දිනකට එක් වරක් ද වියළි කාලගුණික තත්ත්ව යටතේ දී දිනකට දෙවරක් ද (උදේ නවස) ජලය යෙදීම සුදුසුය. එමෙන්ම වියළි කාලගුණික තත්වයක් සහිත දින වලදී තාවන් අවට තෙත්ව තබා ගැනීමෙන් වායුගෝලීය ආර්ද්‍රතාවය වැඩිකර ගත හැක.

පොහොර යෙදීම.

උඩවැඩියා ශාකවලට පොහොර යෙදීමේ දී දියරමය තත්වයෙන් පමණක් පොහාර යෙදීම කළ යුතුය. ශාකවල මල් පත‍්‍ර තෙමෙන පරිදි දියර විදිනයකින් ඉසිය යුතුය. හොදින් හිරු එළිය පවතින දිනවලදී උදේ වරුවේ පමණක් හොහොර යෙදීම සිදු කළ යුතුය.
උඩවැඩියා ශාක සඳහා කාබනික සහ අකාබනික වශයෙන් පෙහොර වර්ග 2ක් භාවිතා කරයි. කාබනික පොහොර මගින් ශාකවලට අත්‍යවශ්‍ය අංශුමාත‍්‍ර මූල ද්‍රව්‍ය ලබා දීම සිදු කරයි. මෙම පොහොර සතියකට එක් වරක් සියලුම වයස්වල පැළ සඳහා භාවිතා කළ යුතුයි.

අකාබනික පොහාර.

අකාබනික පොහාර මගින් ශාකයට අවශ්‍ය වන ප‍්‍රධාන මූලද්‍රව්‍ය වන නයිට‍්‍රජන් (N) පොස්පරස් (P) හා පෙටෑසියම් (K) ලබාදෙයි. එය සතියකට දෙවරක් ශාකයේ වයස අනුව NPK අනුපාතය වෙනස් කරමින් යොදනු ලැබේ.

  1. කුඩා අවධියේ පැල සඳහා යොදන පොහොර
    මෙම පොහොරවල ශාකවල වර්ධනය අඩු අවස්ථාවලදී පමණක් භාවිතා කරයි. උදා NPK 30:10:10 හෝ 28:14:14
  2. මධ්‍යම අවධියේ යොදන පොහොර
    මෙහිදි සමතුළිත පොහොර මිශ‍්‍රන භාවිතා කිරීම සිදුකරයි. උදා - NPK 20:20:20 හෝ 18:18:18 එසේම මෙම අවධියේ ශාකවල වර්ධනය වැඩි කිරීම සඳහා පොස්පරස් වැනි පොහොර වර්ග ද භාවිතා කරයි. උදා. NPK - 15:30:15, 10:30:20
  3. මල් පිපෙන අවදියේ පැළ සඳහා යොදන පොහොර
    මේ සඳහා පොටෑසියම් වැඩි පොහොරක් හෝ පොස්පරස් හා පොටෑසියම් වැඩි පොහොර භාවිතා කරයි. මල් කැපීමෙන් සති 2කට පමණ පසු :භඡුණ* සමාන අනුපාතයක් ඇති පොහොරක් භාවිතා කරයි. උදා - NPK 10:20:30" 6:30:30

 

උඩවැඩියා වගාවේ බහුලව දක්නට ලැබෙන රෝග

  1. බැක්ටීරියානු කුණුවීම
    ශාකයේ විවිධ කොටස්වල දක්නට ලැබේ. පත‍්‍රවල තෙත් බවින් යුත් පැල්ලම් හටගනී. පසුව ඒවා විශාල වී දුඹුරු පැහැයට හැරී මෘදු ස්වභාවයක් ගනී. සැර දුඟදක් හමයි. මෙම රෝගය මර්දනයට රෝගී කොටස් කපා පිළිස්සීම.

උඩවැඩියා වගාවේ දක්නට ලැබෙන පළිබෝධ හානි

12 lema pectoralis

1. කහ කුරුමිණියාගේ හානිය
Lema Pectoralis නැමති 8 mm පමණ දිග ඇති මෙම කෘමියා හා කීටයා ළපටි පත‍්‍ර පොහොට්ටු හා පුෂ්ප කා දමන අතර පුෂ්පවල සිදුරු ඇති කරයි. මොවුන්ගේ බිත්තර ශාක මත ද පිලා අවධිය ශාක අතර ද දක්නට ලැබේ.
මර්ධනය - පිලා අවධිය, කීට අවධිය අති ඉවත් කළ හැකි අතර, Imidacloprid වැනි සංස්ථානික කෘමිනාශකයක් යෙදීම මගින් මර්දනය කළ හැක

2. කඳ පනුවාගේ හානිය
ඩෙන්ඩ්‍රොබ්යම් වැන්ඩා වැනි ශාකවලට බෙහෝවිට හානි කරයි’ සළඹයා පත‍්‍ර මත බිත්තර දමන අතර කීට යා ද කඳ තුළ අභ්‍යන්තර පටක කා දමමින් ජීවත් වේ. කෝෂ ගතවීම මාධ්‍ය්‍යයේ හෝ කඳ තුළ සිදු කරයි. කීටයා හාවි නඵ බමු ශාකයේ අග‍්‍රස්ථ පත‍්‍රය කහ පැහැයට හැරෙන අතර, ශාකයේ අග‍්‍රස්ථයේ කඳේ තැනින් තැන සිදුරු දක්නට ලැබේ. පසුව ඒවායින් අපද්‍රව්‍ය පිටතට පැමිණේ. පසුව ශාකයම විනාශ වී යයි මර්ධනය. (සංස්ථාපිත කෘමි නාහකයක් බිවිතා කල හැක)

sulphur diazinon

3. මයිටාවන්ගේ හානිය
ඉතා කුඩා ජීවීන් වන අතර මොවුන් පත‍්‍රවල යටි පැත්තේ සිට යුෂ උරා බොයි මල්වලට ද හානි කරයි. වියළි හා උණුසුම් කාළගුණික තත්ත්ව වලදී ගහනය වැඩිවේ. මොවුන්ගේ හානිය නිසා පත‍්‍රවල රිදිවන් දිලිසුමක් ඇති වී එය ක‍්‍රමයෙන් දුඹුරු හෝ කහ පැහැයට හැරෙයි. මල්වලට හානී කිරීමෙන් මල් අඹරී ඇදවී එහි ගුණාත්වය අඩුවේ.

මර්ධනය - තවානේ අවට ආර්ද්‍රතාවය හොදින් පවත්වාගෙන යාම, හානි වූ පත‍්‍ර ඉවත් කිරීම හා 80] sulphur ක් අඩංගු මයිටානාශකයක් යෙදීම

4. ළඹුවන්ගේ හානිය
මොවුන් පත‍්‍ර සූරා කෑම හෝ සම්පූර්ණ පත‍්‍රයම ආහාරයට ගැනීම සිදුරයි. පත‍්‍ර රෝල් කර පිලා අවස්ථා ගත කරයි. පුස්ප අංකුර වලට ද හානි කරයි.
මර්ධනය - සුදුසු කෘමි නාශකයක් භාවිතා කිරිම
5. කොරපොතු කෘමීන් හා පිටි මකුණන්
මොවුන් යුෂ උරාබොන කෘමින් වන අතර සාමාන්‍යයෙන් පත‍්‍රවලට හානි කරයි. උග‍්‍ර අවස්ථාවලදී කද මත දක්නට ලැබේ. මොවුන් දේහයෙන් ශ‍්‍රාවය වන සීනි අඩංගු ශ‍්‍රාවය නිසා කුහුඹුවන් ඇදී එයි. එය විශාල වශයෙන් ගහනය වැඩි වූ විට කළු පුස් ඇති වේ.
මර්ධනය - සුළු වශයෙන් සිටී නම් තද වතුර පහරක් යෙදීම හෝ අතින් ඉවත් කිරීම බහුලව සිටීනම් සංස්ථානික කෘමි නාශකයක් යෙදීම උදා - Imidacloprid
ගොළුබෙල්ලන් හා හම්බෙල්ලන් මොවුන් දිවා කාලයේ බදුන් තුළ සැගවී සිට රාතත‍්‍රි කාලයේ දී හානි කරයි. මල් අග‍්‍රස්ථය ළපටි පත‍්‍ර පුෂ්ප අංකුර පිපුනු මල් හා බීජ පැළ ආහාරයට ගනී
 

 

මර්දනය

අතින් ඉවත් කිරීම හෝ ඇමක් ලෙස Metadehyde අඩංගු meta වැනි ගොළුබෙලි නාශකයක් භාවිතා කළ හැක.

වගාව සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගෙන පසුව එහි සෙවන ශාකයක් සකස් කළ හැක. මේ සඳහා උඩවැඩියා ගණයට අවශ්‍ය පරිදි සෙවන දැල් තෝරා ගත යුතුය.

 

සැකසුම
ඉරෝෂිනී අන්ද්‍රාදි
මල් වගාව පර්යේෂණ හා සංවර්ධන අංශය
ජාතික උද්භීත උද්‍යාන දෙපාර්තමේන්තුව - පේරාදෙණිය



Related Articles

රාජ්‍ය තොරතුරු මධ්‍යස්ථානය (GIC)

Visit Government Information Center - Sri Lanka

අප අමතන්න

Reach us තැ.පෙ. 65
ගැටඹේ, පේරාදෙණිය
ශ්‍රී ලංකාව
+94 812 388336