
මහාචාර්ය එස්.බී.එස්.අබේකෝන් මැතිතුමා
මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරතුමා
ගරු අමාත්‍යතුමා
කෘෂිකර්ම, වාරිමාර්ග, සත්ව නිෂ්පාදන අමාත්‍යාංශය, මධ්‍යම පළාත් සභාව

ජී.එච්.එම්.ඒ. ප්‍රේමසිංහ මහතා
ප්‍රධාන ලේකම්
මධ්‍යම පළාත් සභාව

චන්දන වික්‍රමසූරිය මහතා
මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්
ආයුබෝවන්
මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට සාදරයෙන් පිළිගනිමු.
ශ්‍රී ලංකා මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම, සුළු වාරිමාර්ග, සත්ව නිෂ්පාදන හා සංවර්ධන, ගොවිජන සංවර්ධන, ධීවර, පරිසර, හින්දු සංස්කෘතික සහ වතු යටිතල පහසුකම් අමාත්‍යාංශ නිල වෙබ් අඩවියට පිවිසීම පිළිබඳව ඔබට ස්තුතියි.
1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයේ 154අ වගන්තියට අනුව පළාත් සභා පිහිටුවන ලදී.
පොළොව නිසරුයිද? වගාවට හොදම ක්‍රමය ගැන දැනුවත් වෙමු
අපගේ මෙහෙවර
මනා සම්පත් කළමනාකරණයක් තුළින් මධ්‍යම පළාත තුළ කෘෂිකර්ම, සුළු වාරිමාර්ග, සත්ව නිෂ්පාදන, මිරිදිය ධීවර, පරිසර කටයුතු, හින්දු සංස්කෘතික කටයුතු හා වතු යටිතල පහසුකම් සංවර්ධන යන ක්ෂේත‍්‍රවල තිරසාර සංවර්ධනය උදෙසා ප‍්‍රතිපත්ති හා සැලසුම් සකස් කර ක‍්‍රියාත්මක කිරීම, සම්බන්ධිකරණය හා මෙහෙයවීම තුළින් කෘෂිකර්ම නිෂ්පාදනවල අගය ගුණාත්මකව හා ප‍්‍රමාණාත්මකව වර්ධනය කිරීමෙන් ව්‍යවසායකත්ව කෘෂිකර්මාන්තයක් සකස් කිරීම, පෝෂණ ඌණතා තුරන් කිරීම, වතු හා ග‍්‍රාමීය ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම, හින්දු ජනතාවගේ සංස්කෘතිමය අභිවෘද්ධිය සැලසීම, නව්‍ය හා වානිජමය නැඹුරුතාවයකින් යුතු තාක්ෂණික දැනුම හා ශිල්ප ක‍්‍රමඋපයෝගි කර ගනිමින් ප‍්‍රශස්තව සම්පත් උපයෝජනය තුළින් විෂයානුබද්ධ ක්ෂේත‍්‍රයන්හි ඵලදායිතාවය නංවාලීම.
දැන්වීම් පුවරුව
අපගේ නවතම පුරප්පාඩු, බඳවා ගැනීමේ නිවේදන, ටෙන්ඩර් නිවේදන ආදිය පිළිබඳව දැන ගැනීමට අපගේ දැන්වීම් පුවරුවට පිවිසීමට මෙතන ක්ලික් කරන්න.
පුවත් සහ සිදුවීම්
2026 සංවර්ධන වැඩසටහන සමාලෝචනය
මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ 2026 සංවර්ධන වැඩසටහන සමාලෝචනය කිරීම සදහා කෘෂිකර්ම හා වාරිමාර්ග ගරු අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මැතිතුමා , නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.ජී විජේරත්න මැතිතුමා ඇතුළු මහජන නියෝජිතයන් සහභාගි විය. 2026.2.25 දින පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති මෙම අවස්ථාව සදහා අමාත්‍යාංශ ලේකම් චන්දන වික්‍රමසූරිය මහතා,පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ,පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ ,පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ඇතුළු දෙපාර්තමේන්තු විධායක නිලධාරීන් හා අමාත්‍යාංශ මාණ්ඩලික නිලධාරීන් ප්‍රමුඛ කාර්‍ය මණ්ඩලය සහභාගි විය.
2026 වර්ෂයේ පළමුවන විගණන හා කළමනාකරන කමිටු රැස්වීම
2026 වර්ෂයේ පළමුවන විගණන හා කළමනාකරන කමිටු රැස්වීම, අමාත්‍යාංශ ලේකම් චන්දන වික්‍රමසූරිය මහතාගේ සභාපතිත්වයෙන් අධ්‍යක්ෂ (ගිණුම් ගෙවීම්) ඒ. පී.එච්. මහානාම මහතා ගේ සාමාජිකත්වය, පළාත් විගණන අධ්‍යක්ෂ වෙනුවට සහකාර විගණන අධ්‍යක්ෂ සංජීවනි සෙනවිරත්න මහත්මිය, ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති එස්.පි. වීරසිංහ මහතා, විගණන අධිකාරි ජී. ඒ. එම්.එන්.එස්. කේ. අධිකාරි මෙනවිය යන අයගේ නිරීක්ෂණ ය දායකත්වයෙන්, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජයලත් බණ්ඩාර මහතා, පළාත් සත්ව නිෂ්පාදන අධ්‍යක්ෂ කේ දේදුණුපිටිය මහත්මිය, වැඩ බලන පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු ආර්.බි.එම්. එම්. රාජපක්ෂ මහත්මිය ඇතුළු දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් කමිටු කැඳවුම්කරු /සාමාජික අමාත්‍යාංශ ගණකාධිකාරී බී.ජි.එස්. සුරවීර මහතාගේ කැඳවීමෙන් පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ යේදී 2026.03.23 වන දින පෙරවරු 9.30ට පවත්වන ලදී..
විසිතුරු මත්ස්‍ය වගාව පිළිබඳ මූලික පුහුණු වැඩමුළුව - 2026
විසිතුරු මත්ස්‍ය හා ජලජ පැළෑටි වගා සංවර්ධනය යටතේ විසිතුරු මත්ස්‍ය වගාවේ නියැලී සිටින වගාකරුවන් හා ඒ සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දක්වන, අනාගතයේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ යෙදීමට බලාපොරොත්තුවෙන් සිටින පුහුණුලාභීන් 40 දෙනකු සඳහා අදියර දෙකක් යටතේ මූලික පුහුණු වැඩමුළු දෙකක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ අනුව රම්බඩගල්ල විසිතුරු මත්ස්‍ය අභිජනන හා පුහුණු මධ්‍යස්ථානයේදී විසිතුරු මත්ස්‍ය වගාකරුවන් 20 දෙනකු සඳහා පෙබරවාරි මස දී තෙදින නේවාසික පුහුණු වැඩමුළුවක් පවත්වන ලදී.
තොරතුරු ලබා ගැනීමේ අයිතිය (RTI)
නම් කරන ලද නිලධාරී | තොරතුරු නිලධාරී |



















