“ගීතය අපේ සංස්කෘතියෙහි මධ්‍යතන යුගයේ අග භාගයෙහි ජන ජීවිතයේ පැතිකඩක් අඟවයි” රෑ පැල් රකින කුරහන් පැසෙනා හේනේ එගොඩ ගොඩේ ඉස්මත්තෙදී දුටුවාට හැදුවේ ගෙපැළ මට තනියෙන් හිදින්නද නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි ගායනය - ගායන ශිල්පී අබේවර්ධන බාලසූරිය මේ ගීය අපේ සංස්කෘතියෙහි මධ්‍යතන යුගයේ අග භාගයෙහි ජන ජීවිතයේ පැතිකඩක් අඟවයි. ඒ යුගයෙහි නෑනා සහ මස්සිනා යන ඇවැස්ස නෑකම , එකී යුවලගේ සංස්කෘතික බන්ධනය දෙදරා යන සමාජ සාධක පෙළ ගැසෙන්නේ ගමේ සංවෘත දොරකවුළු , බාහිර ලොවට විවෘත වෙමිනි. එහිදී සංස්කෘතිකව බැදී සිටි නෑනා හා මස්සිනා අතරට බාහිර පුද්ගල සබඳතා ප්‍රවේශ වෙයි. මේ ගීයෙහි තීව්‍ර ලෙස ඉගි කරන්නේ, මෙහි මුඛ්‍යකථකයින් දෙදෙනා අතර වූ එවන් තුන්වැන්නෙකුගේ ඉදිරිපත් වීම හෝ සමාජමය බාධාවකි. මූලිකව මෙහි එන යුවළ අවැස්ස නෑනා හා මස්සිනාට බව මතු දැක්වෙන ජන කවිය සාක්ෂි දරයි. වැසි දිය අයිති ගං හෝ ඇළ සමුදුරටයි |
මොවුන් දෙපළ, ඔවුන්ගේ ගෝචර පෙදෙස වූ ගම් බැද්දේ,යම් කිසි නිශ්ච්ත ස්ථාන වලදී උනුනට දර්ශනය වෙති. එගොඩහ ගොඩේ ඉස්මත්ත ,ඇළ කණ්ඩ්ය යනු එවන් තැන් දෙකකි. ඒවා වී ගොවිතැනට අතිරේකව, කුරහන් වැපිරීමක් සිදුවන ස්ථාන ලෙසද මේ ගීය දැක්වෙයි. ආචාර්ය නන්දදේව විජේසේකර සිය ලංකා ජනතාව (1986) ග්‍රන්ථයේ දැක්වෙන ලෙස, සිංහල ජනයා ව්‍යාවෘත වූ මේ හේනේ ගොවිතැන ඔවුනට වැද්දන්ගෙන් සංක්‍රමණය වූවකි.වියළි කාලයේ කැලෑ කපා ගිනි තබා ඒවායේ කුරක්කන් වැවීම හා කැපීම පැරණි සංස්කෘතියෙහි උත්කර්ෂවත් අංගයකැයි සනාථ වන්නේ කුරක්කන් මාලය ආදී කාව්‍ය ගැමි සාහිත්‍යයේ ජනප්‍රිය වී පැවති බැවිනි. පලුත් මහත ඇති රුහුණු කුරක්කන් මේ ගීයේ අවසානයට කියවෙන “කුරහන් කපන දා මා සිහි කරන්නයි” යන ගීත පදයෙන් මූර්තිමත් වන්නේ, ගැමි සංස්කෘතියේ උත්කර්ෂවත් අවස්ථාවක් වූ කුරක්කන් නෙළීමේ ප්‍රස්තාවයි. මෙහි කියවෙන නෑනා ද අනිවාර්යයෙන් ඒ අවස්ථාවට සහභාගී විය යුතුව සිටියත් ඇය පිටස්තර අයෙකු හා දීග යන බව පැහැදිලිය. කුරක්කන් කවි අතර එන “කුරක්කන් කපනු මට බෑ කියාලා එන්ඩ වරෙන් ඔය දීගේ ඇරීලා” යයි පවසන්නේ ද නෑනා පිට දීගයක ගිය විටක ඈ නිසා හටගත් වියෝවෙන් ශෝකාතුර වූ මේ ගීයේ කියවෙන මස්සිනාමය. |
ජ්‍යෙෂ්ඨ මහාචාර්|ය සාලිය කුලරත්න
සිංහල අංශය
පේරාදෙණිය විශ්ව විද්‍යාලය